Hitha Honda Higanna
නෝනා .....මහත්තයා.....නෝනා අත පාන්න මුලින්ම ලැජ්ජාවකුත් තිබුණා ඒත් මට ඒක කරන්නම සිද්දවුනා.කකුල් අතපය දහ දුක් විදල හැදුව අමිම තාත්ත කීයටවත් හිතන්න නැතිව ඇති පුතා මහපාරක් පාරක් ගානෙ හිගා කන ගානට කවදාවත් වැටෙයි කියල...ඒත් මම හිගා කෑවා.හිගා කෑමෙත් කලාවක් තිබුණා.ඒ කලාව රටාව ඉගෙන ගන්න නමි ඔයාටත් මහ පාරට බහින්නම සිද්ධ වෙනවා.ඒ බැහැල විතරක් මදි .............විද්‍යාගාර ඒසී කාමර ඇතුලෙ හිගා කන්න ඉගෙන ගන්න බැහැනෙ නේ..... ..................අවසානෙ ටවුමෙ ඉන්න රජ හිගන්නො මගෙ යාලුවො උනා.අපි එකට කෑවා.එකට නිදා ගත්තා.ටවුමෙ හංදියේ පේමන්ටෙකේ ස්ටෙිෂමෙි...........අහුවුනු තැනක.ඒක මට අලුත්ම අද්දැකීමක් වුනා.ඔවි අලුත්ම අත්දැකීමක්..ජීවිතේ ඔය වගෙම ගෙවිල ගියා...දැන් සති 2 කුත් දින තුනක් මං හිගා කෑවා..හිගමන් ලැබුනා..වෘර්තීමය හිගන්නෙක් ටත් එහා ගිය හැකියාවක් මා තුල තිබුණ බව...දෙවියනේ... මට.... මටම.. පුදුම හිතුනා... ................හිගන්නො අපි අතර රජ හිගන්නෙක් හිටියා.මුදලාලි කෙනෙක් හිටියා.ඒකා හිගන අපෙන් කප්පමි ගන්න හතයි තිහ වෙද්දි රෑ අපේ ලැගුමිහල් වලට ආවා.කප්පම මග හැරිය වුන් මුදලාලියාගේ තිප්පොලේදි අමිබානෙට කෑව...
Comments
Post a Comment